පාලවිය ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද සූර්ය තාප විදුලි උත්පාදකය විවෘත කරයි
ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව පාලවිය ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරනු ලැබූ කිලෝ වොට් 20 ධාරිතාවයකින් යුත් සූර්ය තාප විදුලි උත්පාදකය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ විසින් පසුගියදා (2014 අපේ‍්‍රල් 03* විවෘත කරන ලදි.

මෙයට සමගාමීව තවත් සූර්ය තාප විදුලි උත්පාදක දෙකක් අනුරාධපුර යුධහමුදා දෙවන ඉංජිනේරු රෙජිමේන්තු කඳවුරේ සහ පූනෑව නාවික හමුදා කඳවුරේ ඉදිකරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි ජාලයෙන් පරිභෝජනය කරනු ලබන විදුලි ධාරිතාවයෙන් මසකට 10% ක ප‍්‍රමාණයක ධාරිතාවයක් අඩු කල හැකි අතර එය කඳවුරට විශාල මූල්‍ය සහනයක් ලබාදෙනු ලබයි.

පාලවිය ගුවන් හමුදා කඳවුරේ අණදෙනප නිළධාරී ගෲප් කැප්ටන් ඉන්දික වීරරත්න ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි