ඉන්දීය ගුවන් හමුදා 2014 ක‍්‍රයිටේරියම් පාපැදි තරඟාවළියේ ජය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට
ඉන්දීය ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ”ක‍්‍රයිටේරියම් පාපැදි තරඟාවළිය 2014” සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ තරඟකරුවන් සය දෙනෙකු සහභාගී වූහ. මෙම තරඟය ඉන්දියාවේ දිල්ලි නගරයේ පවත්වන ලදි.

මේ තරඟාවළීය සඳහා නායක ගුවන් භට ඬේන් නුගේරා, නායක ගුවන් භට සමන්ත ලක්මාල්, නායක ගුවන් භට දිනේෂ් ධනුෂ්ක, නායක ගුවන් භට මධුසංක පෙරේරා, ගුවන් භට වජිර පුෂ්පකුමාර සහ ගුවන් භට අෂේන් තාරක සහභාගී වූ අතර එහිදී නායක ගුවන් භට දිනේෂ් ධනුෂ්ක ප‍්‍රථම ස්ථානයත් නායක ගුවන් භට මධුසංක තුන්වන ස්ථානයත් හිමිකරගන්නා ලදි. මෙම තරඟය කිමී 100 ක දුරකින් යුක්ත විය.

ගුවන් හමුදා පාපැදි සංචිතයේ ලේකම් ගෘාප් කැප්ටන් කිත්සිරි ලීලාරත්න, කළමණාකාර බලපන්ති සැරයන් රුවන් කුමාර සහ පුහුණුකරු කෝප‍්‍රල් බාලචන්ද්‍ර හෙන්රි මෙම සංචාරයට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි