කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී මහාචාර්ය සරත් විජේසූරියගෙන් දේශනයක්
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ සමාජික සමාජිකාවන් වෙනුවෙන් මහාචාර්ය සරත් විජේසූරිය විසින් පසුගියදා දේශනයක් පවත්වන ලදී. ගුවන් භට සමාජ ශාලාවේදී පවත්වනු ලැබූ මෙම දේශනය සඳහා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීඒඑම්පී බාලසූරිය සහ කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප‍්‍රමිලා බාලසූරිය මහත්මියද සහභාගී විය.

කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් නිළධාරිනියන් ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 80 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. දේශනය අවසානයේ රූපලාවන්‍ය වැඩමුළුවක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම මත ක‍්‍රියාත්මක කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි