කටුනායක සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
ගුවන්
හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම මත
කටුනායක සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක් සිදු
කරන ලදී.
මෙම වාට්ටුව කාන්තා වාට්ටුවක් වන අතර එය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 1985 වසරේ සිට නඩත්තු කටයුතු සිදු කරනු ලබයි. මෙහිදි නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් තෑගි පාර්සල් සහ දිවා ආහාර වේලක් ලබා දීම සිදු කරනු ලැබූ අතර විවිධ වූ විනෝදාත්මක අංගයන්ද ඔවුන් වෙනුවෙන් ඉදිරපත් කරන ලදී.
කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය, ලේකම් විංග් කමාන්ඩර් කේඞීඑස් ගුණවර්ධන, කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.