
ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා පසුගිය ජූලි මස 15 වන දින ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා දිවයිනට පැමිනෙන ලදී. ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් සමග එම මැතිණිය ලිලී රහා මැතිණියද සංචාරයට සහභාගී වේ. කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ රොෂානි ගුණතිලක මැතිණිය විසින් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය පිළිගන්නා ලදි.
1973 වසරේදී ජනාධිපති රන් සම්මානයෙන් පිදුම් ලබමින් පූනේ ජාතික ආරක්‍ෂක විද්‍යාපීඨයෙන් ආරක්‍ෂක උපාධිය ලැබූ එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා 1974 වසරේදී ගුව්න නියමුවෙකු ලෙසින් අධිකාරීත්වයට පත්විය. ඉන්දීය ගුවන් හමුදාධිපති තනතුරෙහි වැඩ භාර ගැනීමට ප‍්‍රථම ඉන්දීය ගුවන් හමුදාවේ උසස් නිළයන් රැසක් හොබවන ලද මෙතුමන් පියාසර පැය 3400 කට ආසන්න ප‍්‍රමාණයක් සම්පූර්ණ කර ඇත.
සංචාරය අතරතුරදී ශ‍්‍රී ලංකා යුධ හමුදා සහ නාවික හමුදා මූලස්ථානයන්හි, බත්තරමුල්ල ඉන්දීය රණවිරු ස්මාරකය, චීනවරාය ගුවන් හමුදා විධ්‍යාපීඨය, කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි සිචාරය කිරීමට නියමිතය.
එසේම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්තුමන් සහ ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන් හමුවීමටද නියමිතය.





