ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා පසුගිය ජූලි මස 16 වන දින ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවිය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ආචාර පෙළපාලියක් පවත්වන ලදි.

මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

මෙදින උදෑසන ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය විසින් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන්ගේ බිරිඳ වන ලිලී රාහා මහත්මිය  වෙත කෝපි පැන් සංග‍්‍රහයක් වෝටර්ස් එජ් හෝටලයේදී පවත්වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි