අන්තර්සේවා බේස්බෝල් තරඟාවළිය 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බේස් බෝල් ක‍්‍රීඩාව හඳුන්වා දෙමින් බේස්බෝල් කණ්ඩායමක් ස්ථාපිත කිරීම සහ එම කණ්ඩායම අන්තර් සේවා තරඟාවළියට ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. මේ සඳහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම පසුගිය මාර්තු මස 17 සිට 21 දක්වා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී රිනවුන් බේස් බෝල් පුහුණුකරු වන මලිඳු හේවගේ මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.
ඒ අනුව තෝරා ගන්නා ලද බේස් බෝල් කණ්ඩායම මාසයක කාලයක් පුහුණු කර ජූනි මස 19 සිට 21 දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ බේස් බෝල් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන අන්තර් සේවා පුහුණූ බේස් බෝල් තරඟ සඳහා ඉදිරිපත් කරන ලද අතර එහිදී තුන්වන ස්ථානය හිමිවිය.