පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් අද (27) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.එහිදී ඔවුන් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා හමුවිය.
ගුවන් කොමදෝරු නදීම් අන්ජුම් ප්‍රධාන මෙම නියෝජිත පිරිස මෙම සංචාරයේදී ආරක්ෂක ලේකම්,යුධ හමුදාපති සහ නාවික හමුදාපති මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය. මෙම නියෝජිත පිරිස වෙනුවෙන් ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ගුවන් හමුදාවේ ගුවන් බලය පිළිබදව දේශනයක් කරන ලදී.