ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණූ පාසල වන්නි කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය ජූලි මස 24 වන දින වන්නි ශ‍්‍රි ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලෙහි තම වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.

මෙහිදී විංග් කමාන්ඩර් එස්එබ් ප‍්‍රනාන්දුප්ල්ලේ විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලදි. කෝප‍්‍රල්වරුන්ගේ සහ ගුවන් භටයින්ගේ සමාජ ශාලාව විවෘත කිරීමද මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ අතින් සිදුවිය. 023134 නායක ගුවන් භට ලක්මාල් ඩබ්එම්එන් (වඩු කාර්මික III) ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම දෙනා අමතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි