ගුවන් හමුදා රණවිරුවන්ට ආධාර
4:10pm on Tuesday 19th August 2014
රණවිරු සභසාධක
අරමුදල හා ගුවන් හමුදා මධ්‍යම සුභසාධක හා පුනරුත්ථාපන අරමුදල මගින් යුද්ධය
හේතුවෙන් ගුවන් හමුදාවේ නැසීගිය, ආබාධිත හා සේවයේ නියුතු රණවිරුවන්
වෙනුවෙන් ආධාර ලබා දීමක් පසුගිය අගෝස්තු මස 5 වන දින සේවා වනිතා ඒකකයේ දී
පවත්වන ලදි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක
මහත්මිය විසින් ආධාර ලබාදෙන ලදී. එයාර් කොමඩෝර් මාරිස්ටෙලා නිළධාරීතුමිය,
සේවා වනිතා ඒකකයේ නිළධාරීන් හා නිළධාරිනියන් මෙම අවස්ථාවට එක්වී සිටියහ.