කටුනායක ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක විසින් පසුගිය අගොස්තු මස 14 වන දින කටුනායක ගුවන් හමුදා කදවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරික්ෂණය පවත්වන ලදී.

මෙහිදි ගුවන් හමුදාධිපතිතුමන් හට අචාර පෙළපාලියක් පැවත් වු අතර කටුනායක ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ විසින් පෙළපාලියට අණ දෙන ලදී. මෙහිදී බළලත් නිළධාරීන් දෙදෙනෙක්ද, ජේ‍ය්ෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් තිදෙනෙක්ද, කනිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් දෙදෙනෙක්ද, නායක ගුවන් භටයින් පස් දෙනෙක් සහ සිවිල් සේවක මහතුන් දෙදෙනෙක් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි