කටුනායක ගුවන් හමුදා කඳවුර 63 වන සංවත්සරය සමරයි
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි 63 වන සංවත්සර සැමරුම් පෙළපාලියක් පසුගිය සැප්තැම්බර්මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදි පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරණ රැුස්ව සිට නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලද අතර එහිදී කඳවුරේ ඉතිහාසය, මානුෂීය මෙහෙයුමට දැක්වූ දායකත්වය, අනාගත අභියෝග සහ වගකීම් සම්බන්ධව දැනුවත් කරන ලදී.

මෙහිදී සියළුම නිළයන්ට උදෑසන ආහාරය කඳවුරු ක‍්‍රීඩාංගනයේ සූදානම් කර තිබිණි. එසේම වලාන ලක්ෂ්මී ළමා නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදී. කටාන ෂීශයර් වැඩිහිටි නිවාසයේ සහ මීගමුව රජයේ රෝහලේ පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක්ද දියත් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි