නයිජීරියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
නයිජීරියානු
ආරක්‍ෂක විද්‍යාලයේ 11 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මණ්ඩලයක් පසුගිය
සැප්තැම්බර් මස 01 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත
විය. ආරක්‍ෂක විද්‍යාලයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් එම්ආර් මෝගන්
ප‍්‍රධාන කොටගත් නයිජීරියානු ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් සහ සිවිල් සේවා
නිළධාරීන් කිහිප දෙනෙකුගෙන් මෙම මණ්ඩලය සමන්විත විය.
ශ‍්‍රී
ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා
විසින් මෙම පිරිස ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගනු ලැබු අතර සුභසාධක
අධ්‍යක්‍ෂක කාර්යාලයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරීනී එයාර් කොමඩෝර් පීඞීඒ
මාරිස්ටෙලා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්ය භාරය හා ව්‍යුහය
පිළිබඳව විශේෂ දේශනයක් මෙහෙයවන ලදී.
මෙහිදී සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
























