ගුවන් හමුදා නිවේදකයින් වෙනුවෙන් පැවැත්වූ දෙවන වැඩමුළුව
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් ගුවන් හමුදා නිවේදකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද නිවේදන වැඩමුළු මාලාවෙහි දෙවන වැඩමුළුව පසුගිය සැප්තැම්බර් මස 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පැරණි සම්මන්ත‍්‍රණ ශාලාවේ පවත්වන ලදි. 

එදින පස්වරු 1.00 සිට පස්වරු 5.00 දක්වා පැවති මෙම වුඩමුළුව මෙහෙයවීම ඊඒපී මාධ්‍ය ජාලයේ (ස්වර්ණවාහිනී* විධායක ප‍්‍රවෘත්ති ප‍්‍රකාශක නදීක කරුණානායක මහතා විසින් සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තුළ සේවය කරනු ලබන හැකියාවන්ගෙන් පිරිපුන් ගුවන් හමුදා සාමාජිකයින්ගේ දක්‍ෂතාවයන් ඔප් නැංවීම උදෙසා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබයි. මෙම වැඩමුළුව සඳහා ගුවන් කාන්තාවන් තිදෙනෙකුගෙන් යුත් නිවේදක නිවේදිකාවන් 30 දෙනෙකු සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි