
ඔක්තෝබර් මස 14 වන දිනට යෙදෙන ලෝක ප‍්‍රමිති දිනය සහ ජාතික තත්ව සතිය සැමරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන විධායක තත්ව නිරීක්‍ෂණ ඒකකය හා එක්ව සියළුම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු සහ ඒකක විසින් සිදු කරන ලදී. මෙහිදී ”තත්ව” ධජය එසවීම සිදු කරන ලද අතර පසුව ”එස්” 5 පිළිබඳ දේශනයක් සිදු කරන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර, අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මගින් පිළිවෙළින් කටුනායක මහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, හිඟුරක්ගොඩ විද්‍යාලෝක විද්‍යාලය යන විද්‍යාලයන්හි දේශන පවත්වන ලදී.
එසේම චීන වරාය ගුවන් හමුදා විධ්‍යා පීඨ කඳවුර, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර, රත්මලාන ගුවන් හමුදා කඳවුර, අනුරාධපුර ගුවන් හමුදා කඳවුර, වීරවිල ගුවන් හමුදා කඳවුර, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර, කොග්ගල ගුවන් හමුදා කඳවුර, ඒකල ගුවන් හමුදා කඳවුර , කොළඹ ගුවන් හමුදා කඳවුර හා සමගාමීව ලෝක ප‍්‍රමිති දිනය සමරන ලදී.



















































