වාර්ෂික මාර්ග ධාවන තරඟයේ සමස්ථ ශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුරට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද 2014 වාර්ෂික මාර්ග ධාවන තරඟාවළියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර පසුගිය ඔක්තෝබර් මස 25 වන දින සමත්කම් දක්වන ලදී. එහිදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම පිරිමි අනු ශූරතාවය දිනා ගනු ලැබූ අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.
ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 300 කට අධික ප‍්‍රමාණයක් මේ සඳහා සහභාගී වූ අතර විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඔවුන් තරඟ වදින ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
තරඟාවළියේ මාර්ග ධාවන ශූරයා - 42729 නායක ගුවන් භට ද සිල්වා (පලාලි ගුවන් හමුදා කඳවුර)
තරඟාවළියේ මාර්ග ධාවන ශූරිය - ඒඩබ් 3429 ගුවන් කාන්තා මේකලා (කටුනායක ගුවන් හමුදා කඳවුර)