අන්තර් රෙජිමේන්තු බොක්ෂිං තරඟාවළිය 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලයේ මගපෙන්වීම මත  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්ෂිං සංචිතය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා අන්තර් රෙජිමේන්තු බොක්ෂිං තරඟාවළිය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්ෂිං සංචිතයට නවක ක‍්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් පවත්වන ලද මෙම තරඟාවළිය ගුවන් හමුදා රෙජිමේන්තු පක්‍ෂාංගයන්හි  සිටින දක්‍සතාවයන්ගෙන් පිරිපුන් බොක්ෂිං ක‍්‍රීඩකයින් හට මහඟු අවස්ථාවක් විය.

මෙම තරඟාවළිය සඳහා රෙජිමේන්තු පක්‍ෂාංග 21 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 110 ක් සහභාගී වූ අතර දින හතරක් පුරාවට පවත්වන ලදී. ඉන් 16 දෙනෙකු ගුවන් හමුදා බොක්ෂිං සංචිතයට තෝරා ගනු ලැබූ අතර ඔවුන් හට ඉදිරියේදී මාස දෙකක පුහුණුවක් ලබා දීමටද නියමිතය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා අවසන් දින ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා බොක්ෂිං සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරණ ඇතුළු ගුවන් හමුදා නිළධාරීහු සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි