කොළඹ ගුවන් හමුදා පෙර පාසල් විවිධ ප්‍රසංගය උත්සවාකාරයෙන් නිමාවට පත්වේ
3:57pm on Friday 21st November 2014
ගුවන් හමුදා කොළඹ කදවුරේ සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2014 නොවැම්බර් මස 12 වන දින වර්ණවත් ලෙස නිමාවට පත් විය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ගුවන් හමුදා සේවා වනිතා එකකයේ ගරු සභාපතිනි රොෂානී ගුණතිලක මැතිනිය සහභාගී විය.
කුඩා කල පටන්ම දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙම පෙර පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙනු ලබයි. පුරා වසරක් මුළුල්ලේ උගත් දේ ක්‍රියාවට නංවමින් නැටුම්, ගැයුම්, වැයුම්, සරඹ සහ නාට්‍ය ආදී විවිධ අංගයන් ඉදිරිපත් කරමින් පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අවසන් අධ්‍යාපනික ප්‍රසංගය පැමින සිටි පිරිස් අමානන්දයට පත්කිරීමට සමත් විය.