කටුණායක මූලික කඳවුරේ පිරිත් පිංකම් මාලාව

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක මගින් දෙවන වරටත් සංවිධානය කල සර්වරාත‍්‍රික පරිත‍්‍රාන ධර්ම දේශනය හා පසුදින දානමය පිංකම මෙවරත් නොවැම්බර් මස 29 හා 30 යන දෙදින කඳවුරු භූමියේදී පැවැත්විණ.

මූලික කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් සුදර්ශන පතිරනගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සිදුකරන ලද මෙම පිංකම් මාලාව රට වෙනුවෙන් දිවි පිදු විරුවන්ට පිං පැමිණවීමටත්, ගුවන් හමුදාධිපති තුමන් ඇතුලූ සියලූම ගුවන් හමුදා සාමාජිකයින්ට සෙත් පැතීම සඳහාත් සිදු කරන ලදී.

අලංකාර පෙළහැරකින් ආලෝකවත් වූ පුන්‍ය උත්සවය පසුදින දානමය පිංකම සඳහා භික්‍ෂූන් වහන්සේලා 50 නමක් වැඩම කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි