ආධුනිකයන්ට ගුවන් යානා තාක්‍ෂණික මූලික දැනුම - දෙසැම්බර් වාරය
දෙසැම්බර් නිවාඩු වාරය සඳහා පාසල් සිසු දරු දැරියන් උදෙසා පවත්වනු ලබන ගුවන් යානා තාක්‍ෂණය පිළිබඳ මූලික දැනුම ලබා දීමේ තුන් දින වැඩමුලූව පසුගිය දෙසැම්බර් මස 10,11 සහ 12 යන තෙදින තුලදී රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදී.

පාසල් සිසු දරු දැරියන් 300 කට අධික ප‍්‍රමාණයක් මෙම වැඩමුළුවට සහභාගී වූ අතර ගුවන් යානා තාක්‍ෂණයේ විවිධ අංගයන්ගේ මූලික දැනුම ඔවුන් හට ලබා දීම මෙහිදී සිදු කරන ලදී.  මෙහිදී න්‍යායාත්මක මෙන්ම ආදර්ශන මෙන්ම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් මගින්ද දැනුවත් කිරීම සිදු කරන ලදී.

දෙසැම්බර් පාසල් නිවාඩු වාරය සඳහා වැඩමුළු පහක් නිම කිරීමට නියමිත වේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි