ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායම පරදවයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර තරඟ දෙකකින් සමන්විත වොලිබෝල් තරඟාවළිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම සමත් විය. තරඟාවළිය පසුගියදා ඉන්දියාවේදී පවත්වන ලදී.

පළමු තරඟය වට 3-1 ක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම ජය ලැබූ අතර දෙවන තරඟය 3-0 ක් ලෙස ජයග‍්‍රහණය කරන ලදී. තරඟාවළිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර ක‍්‍රීඩා දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන් යටතේ පවත්වන ලදී.

එසේම 2015 පෙබරවාරි මස 21සට 27 දක්වා ඉන්දීය ගුවන් හමුදා වොලිබෝල්  කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමටද නියමිතය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි