
ගුවන් හමුදා බොක්ෂිං ක‍්‍රීඩක ඩිල්ශාන් 2014 වසරේ දක්‍ෂතම ක‍්‍රීඩකයා බවට පත්වෙයි
2014
වසරේ අවසාන බොක්ෂිං තරඟාවළිය වශයෙන් පවත්වනු ලැබූ 89 වන ඒබීඒ කාන්තා
පිරිමි බොක්ෂිං තරඟාවළිය පසුගිය දා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදී නිමාවට
පත්විය. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්ෂිං ක‍්‍රීඩක කෝප‍්‍රල්
ඩිල්ශාන් එම්වයිඑම් වසරේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගන්නා
ලදී. ඔහු මෙම වසරේ පැවති කියුබානු අන්තර්ජාතික බොක්ෂිං තරඟාවළියේදී ලෝකඩ
පදක්කම හා රටවල් 11 ක සහභාගීත්වයෙන් පැවති ලයන්ස් කුසලාන අන්තර්ජාතික
බොක්ෂිං තරඟාවළයේදී රන් පදක්කම හා දක්‍ෂතම බොක්ෂිං ක‍්‍රීඩකයාට හිමි
සම්මානයත් හිමි කරගන්නා ලදී.