අම්පාර ගුවන් හමුදා කඳවුර නත්තල් දිනය සමරයි
අම්පාර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මෙවර නත්තල් උත්සවය සමරමින් උහන ”සරණ” ළමා නිවාසයට දානයක් ලාබදීම දෙසැම්බර් 25 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී වික‍්‍රමරත්න, නිළධාරීන් සහ කඳවුරු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී නත්තල් සීයා සමගින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් දරුවන්ට තෑගි බෙදා දීම සිදු කරන ලදී. එසේම ගුවන් හමුදාව විසින් විනෝදාත්මක වැඩසටහන් කිහිපයක්ද ඉදිිපත් කරන ලදී.

අම්පාර ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී හිරන්‍යා වික‍්‍රමරත්නද මෙම අවස්ථාවට එක්වූවාය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි