ආධුනිකයන්ට ගුවන් යානා තාක්‍ෂණික මූලික දැනුම - දෙසැම්බර් වාරය අවසන් වේ
පාසල් සිසු දරු දැරියන් උදෙසා පවත්වනු ලබන ගුවන් යානා තාක්‍ෂණය පිළිබඳ මූලික දැනුම ලබා දීමේ තුන් දින වැඩමුලූව පසුගිය ජනවාරි මස 05 වන දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදී. මෙම වැඩමුළුව 2014 වසරේ දෙසැම්බර් මස ආරම්භ වුණු අතර 3 - 11 දක්වා වසර වල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් වෙනුවෙන් වැඩමුළුව පවත්වන ලදී.

ගුවන් යානා තාක්‍ෂණයේ විවිධ අංගයන්ගේ මූලික දැනුම ඔවුන් හට ලබා දීම මෙහිදී සිදු කරන ලදී.  මෙහිදී න්‍යායාත්මක මෙන්ම ආදර්ශන මෙන්ම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් මගින්ද දැනුවත් කිරීම සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි