
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද පිහිනුම් තටාකය විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම පිහිනුම් තටාකය ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය විවෘත කිරීම පසුගිය ජනවාරි මස 20 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් සිදු කරන ලදී. මෙම පිහිනුම් තටාක සංකීර්ණයේ පළමු අදියර ඉදිකිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් සිදු කරන ලදී.
ගුවන් හමුදා ප්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජයසිංහ, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.







































