අංක 1 විවේක පහසුකම් හා ක්‍රියාකාරකම් සම්පාදන පක්ෂාංගය මගින් හැකියාවන් ප්‍රදර්ශනයක්,
චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ අංක 1 විවේක පහසුකම් හා ක්‍රියාකාරකම් සම්පාදන පක්ෂාංගය විසින් සංවිධානය කරන ලද හැකියාවන් ප්‍රදර්ශනයක්, විංග් කමාන්ඩර් සාගර කොටකදෙණියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ඇස්ට්‍රා සිනමාශාලාවේදී පසුගිය ජනවාරි මස 09 වැනි දින පවත්වන ලදී.
 
මෙම සියළු නැටුම්, ගැයුම් හා සංස්කෘතික අංගයන් සියල්ල පක‍ෂාංගයේ සේවය කරනු ලබන සේවා පුද්ගලයින් විසින් ඉදිරිපත් කිරීම සුවිශේෂී අවස්ථාවකි. මෙම අවස්ථාවට නරඹන්නන් විශාල පිරිසක් සහභාගී වී සිටීම ඔවුන්ගේ ධෛර්යය හා හැකියාවන් වර්ධනයට හේතුවක් විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි