67 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙර පුහුණුවීම්
2015 පෙබරවාරි මස 4 වන දින පැවැත්වීමට නියමිත 67 වන ජාතික නිදහස් දිනය සැමරුම් පෙළපාලියේ පුහුණුවීම් කටයුතු ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගනයේදී පවත්වනු ලැබිණි.

මෙම වසරේද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික නිදහස් දින පෙළපාලියට විශාල දායකත්වයක් දක්වනු ලබයි. මෙහිදී නිළධාරීන් 33 ක් සහ ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 350 ක් සහභාගී වන අතර පෙළපාලි තූර්ය වාදක කණ්ඩායම සඳහා නිළධාරීන් 2 ක් සහ ගුවන් භටයින් 140 දෙනෙකු සහභාගී වේ.

2015 ජනවාරි මස 31 වන දින පැවති පෙළපාලි පුහුණුවීම් කටයුතු නිරීක්‍ෂණය ගුවන් හමුදා ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි