ගුවන් හමුදා රෙජිමේන්තු නිළධාරීන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පාඨමාලාව
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු නිලධාරීන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පාඨමාලාවක් පසුගිය පෙබරවාරි මස 09 වන දින සිට පෙබරවාරි මස 13 වන දින දක්වා දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී. නිළධාරීන් 12 දෙනෙකු මෙම පාඨමාලාවට සහභාගී වූ අතර එහිදී මෙහෙයුම් ක්‍ෂේත‍්‍ර යේ සුවිශේෂී මාතෘකාවන් ඔස්සේ දේශන පවත්වන ලදි.
මෙම පාඨමාලාව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන් විසින් අධ්‍යයනය කරන ලද අතර නිලධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් ජීපීඑන්සී පියසේන සහ ප‍්‍රධාන උපදේශක ස්කොඞ්රන් ලීඩර් ඞීපී වීරසිංහ විසින් දායකත්වය දක්වන ලදි.