පහ වසර ශිෂ්‍යත්ව විභාග ප‍්‍රථිපල බලා ගැනීමට ගුවන් හමුදාවෙන් අලූත් පරිගණක වැඩසටහනක් නිශ්පාදනය කෙරේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පහ වසර ශීෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරු දැරියන් වෙනුවෙන් පාසල් තේරීම සඳහා නවීන මෘදුකාංගයක් නිපදවීම සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව මෙම මෘදුකාංගය නිපදවා තිබේ. මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත ක‍්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ආරම්භ වූ අතර මූළික ගිවිසුම අනුව අයදුම් පත් 32000 ක් සකසා 2014 දෙසැම්බර් මස 15 වන දින ප‍්‍රථිපල භාර දීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් අයදුම් පත් ලබාදීමේ ප‍්‍රමාදයක් හේතුවෙන් අවසන් ප‍්‍රථිපල අධ්‍යාපන අමාත්‍යාංශයට භාරදීම 2015 ජනවාරි මස 30 වන දින සිදු කරන ලදි. මෙහිදී වාර්තාගත ලෙස අයදුමු පත් 48900 ක් ගණනය කරන ලද අතර එය මෙතෙක් විභාග ඉතිහාසයේ වාර්තා වූ ඉහලම අයදුම්පත් ප‍්‍රමාණය වේ.

මෙය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙවන් ආකාරයේ ක‍්‍රියාවළියක් සිදුකල පළමු අවස්ථාව වන අතර එය අතිශයින් සාර්ථක වීම ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ දැනුම, හැකියාව හා වෘත්තීමය දක්ෂතාවය පෙන්වා දෙන්නක් වේ.

    
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි