හයිටි සාම සාධක හමුදා ශ්‍රී ලංකා ගුවන් හමුදා බල ඇණිය ගුවන් හමුදා 64 වන සංවත්සරය සමරයි
 හයිටි රාජ්‍යයේ සාම සාධක හමුදා ශ්‍රී ලංකා ගුවන් හමුදා බල ඇණියේ සාමාජිකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 64 වන සංවත්සරය සමරන ලදී. ‍ඔවුහු ගුවන් හමුදා 64 වන සංවත්සරය සමරමින් හයිටි‍ රාජ්‍යයේ නොට්රි ඩැම් ළමා නිවාසයේ දරුවන් හට පොත් පත් හා දිවා ආහාරයක් ලබා දීම සිදු කරන ලදී.මේ අවස්ථාවට හයිටි රාජ්‍යයේ 20 වන ශ්‍රී ලංකා බලඇණියේ සැපයුම් අණදෙන නිළධාරී කර්නල් එම්ඩබ්ටීසී මෙත්තානන්ද, ලුතිනන් කර්නල්  ජීබී ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එච්ටීඑච් ධර්මදාස, විංග් කමාන්ඩර් එස්එස් දිසානායක,  ශ්‍රී ලංකා බල ඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් බලලත් නිළධා‍රී අයි ඩී අජිත් කුමාර ඇතුළු ශ්‍රී ලංකා බල ඇණියේ සියළුම සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි