අංක 02 ගුවන් ආරක්ෂණ රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය සමරයි
අංක 02 ගුවන් ආරක්ෂණ රෝඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය පසුගිය දා සමරන ලදී. 2006 වසරේ මාර්තු මස 10 වන දින ආරම්භ කරන ලද මෙම බලඝණය රුදුරු ත්‍රස්ථවාදයෙන් දේශය මුදවාගැනීමේදී ජාතක ගුවන් ආරක්ෂක පද්ධතියට අතිමහත් දායකත්වයක් සපයන ලදි.

සංවත්සරය සමරමින් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ ශ්‍රහදාන ව්‍යාපාරයක් දියත් කරන ලද අතර බෝධ පූජා පිංකමක්ද සිදු කරන ලදී.  බලඝණයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් හිංදු කෝවිලේ පූජාවක්ද සිදු කරන ලදී.

අංක 02 ගුවන් ආරක්ෂණ රෝඩාර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජීජීඑස්ආර් ගුනවර්ධන විසින් වැඩ පෙලපාලිය නිරීක්ෂණය කරන ලදී. සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි