රත්මලාන ගුවන් හමුදා කඳවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 2 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති තොරතුරු තාක්ෂණ පක්ෂාංගය පසුගිය මාර්තු මස 11 වන දින සිය 2 වන සංවත්සරය සමරන ලදී. ‍

සංවත්සරයට සමගාමීව පක්ෂාංග සාමාජික සාමාජිකාවන් විසින් මහරගම ‍පිලිකා රෝහලේ ළමා වාට්ටුවේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ සත්කාර වැඩසටහනක් දියත් කරන ලදී. එහිදී වාට්ටුව පිරිසිදු කිරීම, තීන්ත ගෑම ආදිය සිදු කරන ලද අතර ප්‍රථිකාර ගනු ලබන දරැවන් උදෙසා පොත් පත් සහ ත්‍යාග ප්‍රදානයක්ද සිදු කරන ලදී.

සංවත්සර වැඩ පෙළපාලිය මාර්තු මස 11 වන දින වර්ථමානා අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒ හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. සියළු නිලයන් සඳහා වූ ක්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි