ගුවන් හමුදා පාපැදි සවාරිය 2015
1:32pm on Saturday 28th March 2015
හ්‍රී ලංකා ගුවන් හමුදාවේ 64 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවර 16 වන වතාවට පවත්වනු ලැබේ. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා අනුග්‍රාහකත්වය අබාන්ස් සමාගම විසින් දරනු ලැබේ. මෙම පාපැදි තරඟාවළිය ජාතික මට්ටමේ තරඟාවළියක් වන අතර එය ජාතික පාපැදි සම්මේලනයේ අධික්ෂණය යටතේ පවත්වනු ලැබේ.

මෙවර තරඟාවළිය දින 3ක් පුරාවට පවත්වනු ලැෙබ්. කොළඹින් ආරම්භ වන තරඟය මාතලේ, දඹුල්ල, පුත්තලම, පාලවිය සහ නැවත කොළඹින් අවසන් වීමට නියමිතය. සම්පූර්න දුර කි.මී. 432 කි. පිරිමි තරඟය අප්‍රේල් මස 2 වන දින ආරම්භ වන අතර පළමු දිනයේ මාතලේ දක්වා කි. මී. 158 ක දුරකින් යුක්ත වේ. දෙවන දින තරඟය දඹුල්ලෙන් ආරම්භ වී කි. මී 145 ක දුරක් ගෙවා පුත්තලමින් අවසන් වන අතර තුන්වන දිනයේදී පාලවිය සිට කි. මී. 129 ක දුරක් ගෙවා සමස්ථ දුර කි. මී. 432 ක් සම්පූර්ණ කරමින් ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් අවසන් වේ. කාන්තා තරඟය අප්‍රේල් මස 4 වන දින කටුනායක සිට ‍කොළඹ දක්වා පවත්වනු ලැබේ.  මෙම කාන්තා පිරිමි පාපැදි තරඟ ද්විත්වයම ජාතික රූපවාහිනී අයි නාලිකාවේ සජීවීව විකාශය කෙරේ.

මෙහිදී මෙම තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මිලියන 1.4 ක ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ.

පිරිමි තරඟයේ පළමු ස්ථානයට රු 300,000.00 ක්ද දෙවන ස්ථානයට රු 200,000.00 ක් සහ 25 වන ස්ථානය දක්වා ත්‍යාග
පිරිමි කණ්ඩායම් පළමු ස්ථානයට රැ 100,000.00 ක් සහ දෙවන ස්ථානයට රැ 50,000.00 ක්
කෙටි දුර ධාවන ශූරයා පිරිමි රු30,000.00
තරුණ  අවු 23 න් පහල ශූරයා රු 75,000.00
කඳු නැගීමේ ශූරයා රු10,000.00
 
කාන්තා පළමු ස්ථානය රු.75,000,00 ක් සහ පස්වන ස්ථානය දක්වා ත්‍යාග.
කාන්තා කණ්ඩායම් පළමු ස්ථානය රු 30,000.00
කෙටි දුර ධාවන ශූරිය 10,000.00
ඊට අමතරව ධාවකයින්ට සහ කළමණාකරැවන් සඳහා දදෙනිකව රු 2000.00 දිමනාවක් ලගවනු ලැබේ.
අවසන් ශූරතා ප්‍රදානය අප්‍රේල් මස 4 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී සවස 1800 පැයට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි