සී 130 ගුවන් යානය කටුනායක ගුවන් හමුදා කඳවුරට ගොඩබසියි
නේපාලයේ ඇතිවූ දරුණු භූමිකම්පාව හේතුවෙන් විපතට පත්වූවන් සඳහා ආධාර සහ සහන කණ්ඩායම් රැගෙන නේපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත්වුණු ශ්‍රී ලංකා ගුවන් හමුදා සී 130 ගුවන් යානය පසුගිය අප්‍රේල් මස 27 වන දින සවස 1.45 ට පමණ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ගොඩබසින ලදී.

ඒ සමග නේපාලයේ සිට ශ්‍රී ලාංකිකයින් 42 නෙකුද නැවත ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ දැනුම් දීමට අනුව ර්‍ශ ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ  උපදෙස් මත ගුවන් හමුදාවේ සී 130 ගුවන් යානයක් පසුගිය අප්‍රේල් මස 26 වන දින ආධාර සහ සහන කණ්ඩායම් රැගෙන නේපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත් විය.  එසේම නැවත පැමිණි එම යානයේ ශ්‍රී ලංකාවේ වයස අවු 14 න් පහල කාන්තා පාපන්දු කණ්ඩායමේ දැරියන්ද විය. මෙලෙස පැමිණි සියළු දෙනා හට දිවා ආහාරය ලබා දීමද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි