ගංගාරාම වෙසක් කලාපයේ ආලොකය දැල්වීම ගුවන් හමුදා ඹාණ්ඩලික ප්‍රධානීතුමන් අතින්
ගාංගාරාම විහාරාධිපති අති පූජ්‍ය ගාලබොඩ ඥාණිස්සර හිමිපාණන් වහන්සේගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් මැයි මස 05 වන දින ගංගාරාම වෙසක් කලාපය විවෘත කිරීම සිදු කරන ලදී.

ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන් සහ ගුවන් හමුදා  මාණ්ඩලික ප්‍රධානී තුමන්  පෙරහැරකින් සීමා මාලකය වෙත කැඳවාගෙන එන ලදි. ප්‍රධාන ආරාධිතයින් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනය කරන ලදී. අනතුරුව වෙසක් බැති ගී වැඩසටහනට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ගරු කථානායකතුමන් සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් විසින් වෙසක් කලාපයේ ආලෝකය දැල්වීම සිදු කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි