ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ නැවත මතක් කරදීමේ පාඨමාලාව නිමාවේ
ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ නැවත මතක් කරදීමේ පාඨමාලාවක් පසුගිය මැයි මස 25 දින සිට 29 දින දක්වා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී. මෙම පාඨමාලාව නිළධාරීන් 07 දෙනකු විසින් හදාරන ලද අතර ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂකය මගින් පාඨමාලාව සංවිධානය කරන ලදී.

මෙහිදී සරඹ දැනුම, ධජ හා පතාක, භූමි මෙහෙයුම් තාක්ෂණය, ශාරීරික යෝග්‍යතාව, අභ්‍යන්තර ආරක්ෂණ මෙහෙයුම්, ගුවන් බුද්ධි තොරතුරු, භූමි යාත්‍රණය සහ වෙඩි තැබීම පුහුණු කිරීම් සිදු කරන ලදී.

සෑම න්‍යායික දේශනයකම ප්‍රායෝගික ක්‍රියාකරකම්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි