වීරවිල ගුවන් හමුදා කඳවුර සිය 37 වන සංවත්සරය සමරයි
වීරවිල ගුවන් හමුදා කඳවුර පසුගිය ජූනි මස 01 වන දින සිය 37 වන සංවත්සරය සමරන ලදී. 

මැයි මස 29 වන දින සිතුල්පව්ව රජමහා විහාරයේ සහ මැයි මස 30 වන දින වීරවිල අභිනවාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදී.

සංවත්සර දින වැඩසටහන ආරම්භ කරමින් සංවත්සර පෙළපාලිය පවත්වන ලද අතර කඳවුරැ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් පී එස් එන් ප්‍රනාන්දු විසින් පෙළපාලිය නිරීක්ෂණය කරන ලදී.  ඉන් අනතුරැව එල්ලලේ තරඟාවළියක් පවත්වන ලදී. සියළු නිලයන් සඳහා වූ දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි