කටුනායක ගුවන් හමුදා කඳවුරේ නව බෞද්ධ පන්සලක් විවෘත කෙරේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පසුගිය ජූනි මස 02 පොසොන් පුන් පොහෝ දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද බෞද්ධ පන්සලක් විවෘත කිරීම සිදු කරන ලදී.

මෙම පන්සල ඉතාමත් සුන්දර ස්ථානයක පිහිටා ඇති අතර එහි අනෙකුත් ආගම්හි සළකුණුද ඇතුලකත කොට තිබේ. එසේම පන්සල පිහිටා ඇත්තේ බෝගස් දෙකක් ආසන්නයේ වීමද සුවිශේෂී වෙයි.

රෝපණය කරන ලද බෝගස ජය ශ්‍රී මහා බෝධියේ අංකුඅරයකි. එසේම මීගමුව අබේසේකරාරාමයේ විහාරාධිපති සුමනතිස්ස හිමිපානන් විසින් බුදුන් වහන්සේගේ ධාතූන් පරිත්‍යෘග කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකක යේ සභාපතිනී රෝෂානි ගුණතිලක, ගුවන් හහමුදා කටුනායක කඳවුරැ අණදෙන නිළධාරී එයාර් කොමඩොර් සුදර්ශන පතිරන, පක්ෂාංග අණදෙන නිළදාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි