අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලඝණය ගෝල්ඩන් ජුබිලි සංවත්සරය සමරයි
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය ගෝල්ඩන් ජුබිලි සංවත්සරය සමරමින් පසුගිය දා අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් හමුදාධිපතිවරුන්, ජ්‍යේෂ්ඨ ගුවන් හමුදා නිළධාරීන්, අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකාප්ටර් බලඝණයේ සේවයේ යෙදී සිටි සහ මේ වන විට සේවයේ යෙදී සිටින් නිළධාරීන් සහභාගී වූහ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා අද්‍යක්ෂක මණ්ඩලය ආරාධිතයින් වශයෙන් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි