
සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් ෙකා්ලිත ගුණතිලක පසුගිය ජූනි මස 05 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී. සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්එච්එන් ජයතිලක විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගනු ලැබූ අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන් එන්පී නෝනිස් විසින් ගුවන් හමුදාධිපති සම්මාන පිරිනැමූ මාර්ග පෙළ ඛණ්ඩයට අණදෙන ලදී.
පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් සියළු නිළයන් අමතන ලද අතර එහිදී කඳවුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කඳවුරු සාමාජික සාමාජිකාවන් දක්වන ලද දායකත්වය ඇගයීමට ලක්කෙරිණි.
පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් සියළු නිළයන් අමතන ලද අතර එහිදී කඳවුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කඳවුරු සාමාජික සාමාජිකාවන් දක්වන ලද දායකත්වය ඇගයීමට ලක්කෙරිණි.





























