සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.
7:07pm on Tuesday 1st June 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදා සේවයෙහි යෙදි සිටියදි අනුරාධපුර කඳවුරේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය 22956 කෝප්රල් ගුණවර්ධන ඩි.ඒ.සි.එල්. රණවිරුවාගේ බිරිඳ වන බ්.ජී. වසන්ති කුමරි රත්නායක මහත්මියට හා දියණිය හට නිවසක් පරිත්‍යාග කිරිමේ උත්සවයක් 2010 ජුනි මස 01 දින හොරණ ප්‍රදේශයේදි ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය නෙලුන් ගුණතිලක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම නිවස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු අණදෙන නිළධාරි බලගණ නායක චින්තක හෙරත් මහතාගේ අදීක්ෂණය යටතේ සහ මහජන බැංකු ආයතනික බැංකු අංශයේ අනුග්‍රහය යටතේ ගොඩ නගන ලදී. මෙම නිවස ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කරන ලද්දේ දානපති යසන්ත කරන්නාගොඩ මහතාගේ දායකත්වයෙනි.
මෙම නිවස පරිත්‍යාග කිරිමේ නිල උත්සවය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් මෙන්ම මහජන බැංකුව ආයතනික බැංකු අංශයේ ප්‍රධානී චාන්දනි වේරපිටිය මහත්මිය සහ එම නියෝජිතයන්ද රණ විරුවාගේ දෙමාපිය නෑදැ හිතවතුන්ද සහභාගී විය.