නව ගුවන් හමුදාධිපතිතුමන්ට නාලන්දා විද්‍යාලයෙන් උපහාර
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිනව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමා හට උපහාර පිදීමේ උත්සවයක් එතුමාගේ පාසල වූ කොළඹ නාලන්දා විද්‍යාලයේදී අද දින (2015 ජුනි 26) උදෑසන පැවැත්විණි.
මෙම උපහාර උත්සවය නාලන්දා විද්‍යාලීය විසින් සමාජයේ ඉහල තරාතිරමකට ලංවූ පුද්ගලයන් හට උපහාර පිදීම සඳහා සංවිධානය කරනු ලබන උත්සවයක් වන අතර මෙම උත්සවයේදී නාලන්දා විද්‍යාලීය ශිෂ්‍ය භට බලකා කණ්ඩායම විසින් ගුවන් හමදාධිපතිතුමන් වෙත උත්තමාචාර පෙළපාලියක් පැවැත්වූ අතර විද්‍යාලීය තූර්‍ය්ය වාදක කණ්ඩායම විසින් එතුමන් පිළිගැනීම සිදුවිය.
උත්සව අවස්ථාව අමතමින් ගුවන් හමුදාපතිතුමන් විසින් ප්‍රකාශ කර සිටියේ තම සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධානතම සාධකය නාලන්ද විද්‍යාලයෙන් ලද ශක්තිමත් මූලික අඩිතාලම බවයි. මෙම උත්සවයේදී නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් මෙවැනි තනතුරක් ලබා ගැනීම වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් හට විද්‍යාලීය විදුහල්පතිතුමන් විසින් මෙම අවස්ථාව සිහිපත් කරමින් සමරු තිළිණයක් ප්‍රධානය කල අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින්ද විදුහල්පතිතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රධානය කරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය සිසුන් , ගුරුමහත්ම මහත්මීන් , ආදි ශිෂ්‍ය ත්‍රිවිධ හමුදා නිළධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී විය.