ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගනී
නව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා තම ධූරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා 2015 ජුනි මස 28 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.
ගුවන් හමුදාපතිතුමන් අඨමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවස නාහිමියන් බැහැදැක ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත් අතර රුවන්වැලි මහාසෑ හා ඉසුරුමුණි විහාර ද වැඳපුදා ගන්නා ලදී.
ගුවන් හමුදාධිපතිතුමන් රුවන්වැලි මහසෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් හා ඉසුරුමුණි විහාරාධිපති මතව ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදැක ආශිරිවාද ලබාගත්තේය.
මෙම අවස්ථාවට ගුවන් හමුදාපතිතුමන්ගේ පවුලේ සමාජිකයන් හා ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී විය.