සැම අතින්ම දක්ෂ කැඩෙට් නිළධාරීන් සදහා ගෞරව අසිපත
අංක 49 සහ අංක 50 කැඩෙට් නිළධාරී පාඨමාලාවන්හි සැම අතින්ම දක්ෂතම නිළධාරීන් සදහා සම්මාන ප්‍රධාන උත්සවයක් 2010 ජුනි මස 04 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පීඨාදිපති එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී පිළිවෙලින් අංක 49 සහ 50 කැඩෙට් නිළධාරී පාඨමාලාවන්හි පියසර නිළධාරී අමිල විජේසූරිය සහ නියමු නිළධාරී ගයාන් ධර්මවර්ධන "ගෞරව අසිපත" සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔවුන් මූලික සටන් පුහුණු පාඨමාලාව, මූලික පරිපාලන පාඨමාලාව, සහ ඔවුන් අයිති වන ශාකාවන් වල පාඨමාලාවන්හි වැඩිම ලකුණු ලබමින් විශිෂ්ඨයින් වූහ.

මෙම උත්සවය සදහා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඉන්ද්‍රජිත් වීරසූරිය කැඩෙට් නිලධාරීන් භාර නිළධාරි බලඝන නායක දුමින්ද ලියනගේ යන අය සහභාගි විය.


සැම
අතින්ම දක්ෂ කැඩෙට් නිළධාරීන් සදහා ගෞරව අසිපතසැම
අතින්ම දක්ෂ කැඩෙට් නිළධාරීන් සදහා ගෞරව අසිපතසැම
අතින්ම දක්ෂ කැඩෙට් නිළධාරීන් සදහා ගෞරව අසිපතසැම
අතින්ම දක්ෂ කැඩෙට් නිළධාරීන් සදහා ගෞරව අසිපත

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි