මොරවැව ගුවන් හමුදා කදවුර සිය 42 වෙනි සංවත්සරය සමරයි
මොරවැව ගුවන් හමුදා කදවුර පසුගිය 29 වන දින එම කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එමිපීඑස් මාරප්පෙරුම නිළධාරීගේ ප‍්‍රදානත්වයෙන් සිය 42 වන සංවත්සරය සමරනු ලැබුහ. සංවත්සරය සමරමින් කදවුරේ සියලූම නිළයන්ගේ සහභාගීත්වයෙන් ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ල ලේ දන්දීෙමි ව්‍යාපාරයක්ල ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්ල මුද්දිකුලමි පුල්ලයාර් කෝවිලේ ඉදිකිරීමි කටයුක්තක් හා ප‍්‍රදේශයේ දුප්පත් පදිංචිකරුවන්ගේ නිවාස ඉදිකිරීමක්ද සිදු කරන ලදි.

24 වන දින නොචිචිකුලම දෙමළ විද්‍යාලයේද මොරවැව සිංහල විද්‍යාලයේ හා නාමල්වත්ත මුස්ලිමි විද්‍යාලයන්හි ශ‍්‍රමදාන ව්‍යාපාරය පවත්වන ලදි.
  
මුද්දිකුලමි පුල්ලයාර් කෝවිලේ ඉදිකිරීමි කටයුතු මොරවැව කදවුර මගින් සිදු කල අතර එය විවෘත්ත කිරීම ප‍්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවගේද සහභාගීත්වයෙන් ජුලි මස 26 වන දින සියලූ යාඥාවන් මධ්‍යයේ සිදු කරන ලදි. ඊට සමගාමීව වෛද්‍ය නිළධාරීන් විසින් වෛද්‍ය සායනයක් සිදු කරන ලද අතර 120 දෙනෙකුට අධික රෝගීන් සංඛ්‍යාවක් මෙහිදී ප‍්‍රථිකාර ලබා ගන්නා ලදි.

ජුලි මස 27 වන දින සංවත්සරයට සමගාමීව මොරවැව කදවුරු භුමියේදී  ලේ දන්දීෙමි ව්‍යාපාරයක් සංවිධානය කර තිබූ අතර ලේ දන්දීම සදහා 103 දෙනෙකුට අධික සේවා පුද්ගලයන් හා සිවිල් පුද්ගලයන් සහභාගී වී සිටියහ.

මොරවැව ප‍්‍රදේශය නියෝජනය වන පරිදි එම ප‍්‍රදේශයේ ජීවත්වන තෝරා ගත් දුප්පත් පවුල් කිහිපයක් සදහා ඔවුන්ගේ නිවාස පිළිසකර කර දීෙමි ව්‍යාපාරයක්ද සිදු කරන ලදි.

සංවත්සර දින (29) සමරමින් කදවුරු කි‍්‍රඩා භුමියේදී කි‍්‍රඩා තරග හා විනෝදාත්මක වැඩසටහන් රැසක් කදවුරේ සේවා සහ සිවිල් පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර අනතුරුව එදින සියලූ නිළයන් හට දහවල් ආහාරය කදවුරු භෝජනාගාරයේදී ලබා දීමට කටයුතු කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි