ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ශික පරීක්ෂණය ගුවන් හමුදා පාලවිය කඳවුර
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2015 අගෝස්තු මස 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලවියකඳවුරේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලවිය කඳවුරේදී එහි අණදෙන නිලධාරී විංග් කමාන්ඩර්  ජී එස් එන් ප්‍රියදර්ශන විසින් ගුවන් හමුදාධිපති තුමා පිළිගනු ලැබූ අතර එහිදී මාර්ග පෙළ කන්ඩයක් මගින් ගුවන් හමුදාධිපති තුමන් හට උත්තමාචාර පුද කරනු ලැබීය.

පරීක්ෂණය අතරතුර දී 38 වන රෙජිමේන්තු පක්ෂාංගයේ නව ගොඩනැගිල්ලක් හා ප්‍රතිසංස්කරණය කරන ලද කඳවුරු ගුවන් භට සමාජ ශාලාව ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කරනු ලැබීය.

මෙහිදී පසුගිය වර්ෂය තුල කල විශිෂ්ඨ සේවාව අගයමින් 30219 කෝප්‍රල් ප්‍රසාද් බී සී එස් (අවිකරු) සහ එන් එම් සමන් කුමාර සිවිල් මහතා ගුවන් හමුදාධිපති සමිමානයෙන් පිදුමි ලැබීය.

පරීක‍ෂණය අවසානයේදී පාලවිය කදවුරේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සාමාජිකයින් හට කදවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිළිවෙල වෙනුවෙන් ස්තුති කරමින් ඒ අය අමතා කතා කරන ලදී.

තවද  ගුවන්  හමුදාධිපතිතුමන් නව සංකල්පයක් ලෙස ගුවන් භට ගුවන් කාන්තාවන්ගේ ඕනෑම ගැටලූවක් කඳවුරු අණදෙණ නිළධාරීගේ මූලික කැඳවීමකින් අනතුරුව තමන්ගේ අවධානයට යොමු කිරීමට විශේෂ අවස්ථාවක් සලසා දීමට කටයුතු ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි