කාන්තා ක්‍රිකටි ඒ කාණ්ඩයේ අවසාන තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුශූරතාවය
අද දින (13) කෝල්ටි ක්‍රීඩා පිටියේදී අවසන් වූ අන්තර් සමාජ කාන්තා ඒ කාණ්ඩයේ අවසාන තරගයෙන් ශ්‍රී  ලංකා ගුවන් හමුදාව අනුශූරතාවය හිමි කරගැනීමට සමත් විය.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම හා නාවික හමුදා කාන්තා කණ්ඩායම අවසාන තරගය සදහා සුදුසුකමි ලැබූ අතර එම තරගයෙන් කඩුලු 06 කින් ජය ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ගුවන් හමුදා කණ්ඩායම පන්දු වාර 32 ක් තුල සියලු දෙනා දැවී ලකුණු 86 ක් ලබා ගැනීමට සමත් විය. එම ඉලක්කය හබා ගිය නාවික හමුදා කණ්ඩායම පන්දු වාර 23 ක් පමණක් වැය කරමින් කඩුලු 04 ක් බිද වැටී ජයග්‍රහණය වාර්ථා කිරීමට හැකි විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි