ගුවන් හමුදාව සහ සෝන්ඩර්ස් ක‍්‍රීඩා සමාජය අතර පාපන්දු තරඟය ජය පරාජයෙන් තොරව නිමාවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෝන්ඩර්ස් ක‍්‍රීඩා සමාජය අතර ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරඟාවළිය යටතේ අද සවස (2015 අගෝස්තු 15) පැවති පාපන්දු තරඟය ජය පරාජයකින් තොරව නිමාවට පත්විය. කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වනු ලැබූ මෙම තරඟය ආරම්භයේ සිටම අතිශය තරඟකාරී ස්වභායකින් යුක්ත විය. දෙපිලේම ක‍්‍රීඩකයින් ඉතාමත් දක්ෂ අයුරින් ක‍්‍රීඩා කරනු ලැබූ අතර අතිශය තියුණු ගෝල කිහිපයක්ම දෙපිළටම මගහැරිනි. තරඟයේ අර්ධ දෙක අවසානයේ කණ්ඩායම් දෙකෙහි නම් ඉදිරියෙන් ගෝල 0-0 ක් ලෙස සටහන් වෙමින් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි