
සුමධුර ධර්ම දේශනයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
කොළඔ 07 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතානාධිකාරී ශ්‍ර්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පාද තලල්ලේ චන්දූකීර්ති ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සුමධුර ධර්ම දේශනයක් 2015 අගෝස්තු මස 19 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ. මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින්ල ගුවන් හමුදා නිලධාරීන්ල සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් ද එක් විය.













