ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දීය ආරක්‍ෂක විද්‍යාලයේ 55 වන පාඨමාලාවෙි නියෝජිතයන් පිරිසක් පසුගිය අගෝස්තු මස 25 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එක්සත් රාජධානියල නවසීලන්තයල ඇමරිකා එක්සත් ජනපදයල නේපාලය සහ තායිලන්තය නියෝජනය කරමින් ති‍්‍රවිධ හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. මෙිජර් ජෙනරල් රාකේෂ් ප‍්‍රතාප් සිං බදුරියා නියෝජිත මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබූහ.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එන් එචි වී ගුණරත්න විසින් පැමිණ සිටි නියෝජිත පිරිස ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානය වෙත පිළිගන්නා ලදි. මෙහිදී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාෙවි කාර්්‍ය භාරය හා අනාගත සැලසුමි පිළිබදව දේශනයක් පවත්වන ලදි. අනතුරුව මෙම නියෝජිත පිරිසට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවීමට අවස්ථාව උදාවිය.

සමාප්තිය සනිටුවහන් කරමින් මෙිජර් ජෙනරල් රාකේෂ් ප‍්‍රතාප් සිං බදුරියා විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා වෙත සමරු ඵලක ප‍්‍රධානයක් සිදු කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් මෙිජර් ජෙනරල් රාකේෂ් ප‍්‍රතාප් සිං බදුරියා වෙත සමරු ඵලක ප‍්‍රධානයක් සිදු කරන ලදි. අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි